ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.
2024 වසරේ ජූලි මාසය වනවිට රැදවුම් භාරයේ සිටින පුද්ගලයන් හැරුනු විට 75,400 ක පමණ පිරිසක් ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධී අන්දමින් රැදී සිටින බවත් පසුගිය වසරට සාපේක්ෂව එම ප්‍රමාණය 5,500 කින් පමණ වර්ධනය වී තිබෙන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
2024 වසරේ සැප්තැම්බර් 30 වනදා වනවිට ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තුමේන්තු භාරයේ රදවා ගෙන සිටින එක් එක් රටවල සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් Immigration Detention and Community Statistics Summary හරහා පෙන්වා දී තිබෙනවා.
එම රටවල් අතර 9 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි ව තිබෙන අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තුමේන්තු භාරයේ රදවාගෙන සිටීම ද විශේෂත්වයක්.
මෙම ලැයිස්තුවේ පලමු ස්ථානය නවසීලන්තයට හිමිව තිබෙන පසුබිමක නවසීලන්ත ජාතිකයන් 177 දෙනෙක් ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තුමේන්තුව භාරයේ රදවාගෙන සිටින බවයි සදහන් වන්නේ.
වියට්නාම ජාතිකයන් 66 දෙනෙකු ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තුමේන්තු භාරයේ රදවා ගෙන සිටින අතර ඔවුන්ට මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
ඉරානයට මෙම ශ්‍රේණිගත කිරීමේදී තෙවන ස්ථානය හිමිව තිබෙන පසුබිමක ඉරාන ජාතිකයන් 60 දෙනෙකු ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තුමේන්තු භාරයේ රදවා සිටින බවයි එහි දක්වා ඇත්තේ.
සැප්තැම්බර් 30 වනදා වනවිට ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපර්තුමේන්තු භාරයේ රදවා සිටින සමස්ත පුද්ගල සංඛ්‍යාව 984 ක් වන අතර පළමු රටවල් දස දෙනාගේ ලැයිස්තුවේ අවසන් ස්ථානය ඉරාකයට හිමිව තිබිම ද කැපී පෙනෙනවා.