Search

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

“Travel Insurance” ආයතනය විසින් සිදුකර ඇති මෙම අධ්‍යයනය හරහා මෙල්බන්, සිඩ්නි සහ බ්‍රිස්බන් යන ගුවන් තොටුපලවල ගුවන් ගමන් ගාස්තු දත්ත විශ්ලේෂණය කරමින් සිදුකර තිබෙන බවයි සදහන් වී ඇත්තේ.

ඒ අනුව දෙසැම්බර් 3 වනදා සහ දෙසැම්බර් 5 වනදා මෙන්ම දෙසැම්බර් 10 වනදා සිට 13 වනදා අතර කාලය තුළ එම ප්‍රධාන ගුවන්තොටුපලයන් හි ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු සාමාන්‍ය මුදලට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි බව සදහන්.

මෙම දිනවලදී මෙල්බන් සිට ඩර්වින් දක්වා සිදුකරන ගුවන් ගමන්වලදී ඩොලර් 50 ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි බවයි මෙම අධ්‍යයනය ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

මේ හරහා බ්‍රිස්බන් සිට පර්ත් දක්වා සිදු කරන ගුවන් ගමන් වලදී ඩොලර් 95 ක මුදලක් ද සිඩ්නි සිට බ්‍රිස්බන් හරහා සිදුකරන ගුවන් ගමන්වලදී ඩොලර් 71 ක මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බව ද එහි වැඩිදුරටත් සදහන්.

පසුගිය වසරේදී දෙසැම්බර් 11 වනදා සහ 17 වනදා දක්වා ලාභදායීම ගුවන් ගමන් වාර පැවති අතර මෙම වසරේදී එම දින වකවානු වෙනස් වී තිබීම ද විශේෂත්වයක්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »