Search

මෙල්බන් හීදී දරුණු අපරාධකරුවෙකු හදිසියේ අතුරුදහන් වෙයි

ලියාපදිංචි ලිංගික අපරාධකරුවෙකු මෙල්බන් හීදී අතුරුදහන් වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

අධීක්ෂණ නියෝගයකට යටත්ව සිටි Theo Briggs නම් 32 හැවිරිදි මෙම අපරාධකරු ඊයේ (30) සවස 6.00 පසුව St Kilda හීදී අතුරුදහන් වී තිබෙන බවයි සදහන් වන්නේ.

මේ අතර මෙම අපරාධකරුවා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙන අතර පොලීසිය විසින් මෙම පුද්ගලයා සොයා ගැනීම සදහා මහජන සහය අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මෙම පුද්ගලයා Mooroopna , Shepparton සහ Beraii යන ප්‍රදේශවල නිතර කාලය ගත කරන බව පොලීසිය විසින් හදුනාගෙන තිබෙන බවද වාර්තා වනවා.

අපරාධකරු වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කළ පොලීසිය විසින් සදහන් කර ඇත්තේ හැකි ඉක්මනින් පොලීසිය වෙත භාර වන ලෙසයි.

මෙම පුද්ගලයාට සැඟවී සිටීමට සහය ලබාදෙන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව අපරාධ නඩු පැවරිය හැකි බවට ද බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට මෙම අපරාධකරුගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන අතර ඔහු පිළිබදව යම් කිසි තොරතුරක් වෙතොත් 000 හදිසි ඇමතුම් අංකය හරහා දැනුම් දෙන ලෙස ද පොලිසිය ඉල්ලා සිටින බවයි එහි දක්වා ඇත්තේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »