අධි සුඛෝපභෝගී මගී නෞකාවක් ලෙස ලොව පුරා ප්‍රචලිත Celebrity Millennium නෞකාව අද (01) උදෑසන කොළඹ වරාය වෙත ළගා වුණා.
තායිලන්තයේ සිට මෙරටට පැමිණි මෙම නෞකාවේ මගීන් 1,010 ක් සහ 800 ක පමණ පිරිසකගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද සිටින බවයි සදහන් වන්නේ.
ජර්මනීය, මාලදිවයින සහ එංගලන්තය යන රටවල මගීන් මෙම නෞකාවෙන් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් කොළඹ, ගාල්ල සහ මහනුවර යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෝල්ටා ධජය යටතේ පැමිණි මෙම අති සුඛෝපභෝගී නෞකාව අද (01) රාත්‍රියේදී ක්‍රෝඒෂියාව බලා නැවත පිටත් වීමට නියමිත බව ද වැඩිදුරටත් සදහන්.