ක්වීන්ස්ලන්ඩ් අධිවේගී මාර්ගයේ වැරදි දිශාවෙන් රිය පැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා.
ඒ අනුව අදාල රියදුරා ගෝල්ඩ් කෝස්ට් හි M1 මාර්ගයේ අධික වේගයෙන් නියමිත දිශාවට ප්‍රති විරුද්ධ පැත්තේ රිය ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
000 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිලි ඔස්සේ පොලීසිය මෙම රියදුරා අත්ඩංගුවට ගෙන ඇති අතර පාරේ ගමන් ගත් අනෙක් රියදුරන්ට හිරිහැර වන සේ හිතාමතා ඔහු මෙම ක්‍රියාව කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මෙලෙස වැරදි දිශාවෙන් විනාඩි 20ක් පමණ ගමන් කර ඇති අතර වහාම ක්‍රියාත්මක වූ ක්වින්ස්ලන්ඩ් පොලීසිය මාර්ග බාධක යොදමින් සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණා.
40 හැවිරිදි සැකකාර රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.