Search

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් බ්‍රිස්බන්, සිඩ්නි, කැන්බරා සහ මෙල්බන් සහ ඒ අතර පිහිටි ප්‍රාදේශීය කලාප එකට සම්බන්ධ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ පලමු අදියර වශයෙන් Newcastle සිට සිඩ්නි දක්වා දිවෙන මාර්ගය නිර්ණය කිරීම සදහා කැනීම් කටයුතු නිව් සවුත් වෙල්ස් හි මධ්‍යම වෙරළබඩ ප්‍රදේශයේ දී ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය දා විදුම් යන්ත්‍ර දෙකක් Hawkesbury ගඟ සහ Brisbane water යන ස්ථානවල තබා කර ඇති අතර එමගින් මීටර් 140 ක් ගැඹුරට සිදුරු 6 ක් විදීමට සැලසුම් කර තිබෙන බවයි සදහන් වන්නේ.

සිඩ්නි සිට Newcastle දක්වා කලාපයේ සිදුරු 27 ක් පමණ විදීමට නියමිත අතර ඒ සදහා ඔස්ට්‍රේලියානු රජයේ High-Speed Rail Authority විසින් සහය ලබා දෙන බව සදහන්.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ සැලසුම් කටයුතු සදහා ඩොලර් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.

දිගුකාලීන අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය අවසානයේදී මගීන්ට ප්‍රධාන නගර සහ ප්‍රාදේශීය කලාප හරහා පැයට කිලෝමීටර 250 කට වැඩි වේගයකින් ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බව වැඩිදුරටත් සදහන්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »