Search

අහසේ කඳු නගින්න ත්‍රාසජනක අත්දැකීමක් දැන් ඔබටත්

අහසේ කදු නැගීමට කැමැත්තක් දක්වන සංචාරකයින් සදහා චීනය විසින් නව අවස්ථාවක් උදා කර දී තිබෙනවා.

චීනයේ මෙතෙක් ගවේෂණය නොකළ විශාල භූමි ප්‍රමාණයක් පවතින අතර තරුණ චීන සංචාරකයින් තම රට අහසේ සිට දැකීමට කැමැත්තක් දක්වන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සංචාරකයින්ට නව අත්දැකීමක් ලබා දීමේ අරමුණින් මීටර් 1524 ක උසකින් යුත් කඳු බෑවුම් දෙකක් අතර විහිදෙන අහස් කදු නැගීමකට අවස්ථාව ලබා දීමට චීනය කටයුතු කර තිබෙනවා.

ආකර්ෂණිය මෙන්ම ත්‍රාස්‍යජනක අත්දැකීම නිරිතදිග චීනයේ හුනාන් පළාතේ Zhangjiajie Nature Park හි Qixing කන්දෙහි පිහිටා ඇති බව සදහන්.

මෙම විශේෂිත කඳු නැගීමේ මාර්ගය ෆෙරාටා ශෛලිය හරහා වන අතර, මිනිසුන්ට කඳු බෑවුම් සහිත පාෂාණ බිත්ති තරණය කිරීමට හැකි වන පරිදි වානේ අත් වැට, අඩිපාර, සහ කේබල් භාවිතා කරමින් කන්දෙහි ගල් බිත්ති ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින් 1200 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි එන අතර ඇතැම් දිනයන්හි මෙම ත්‍රාසජනක අත්දැකීම විදගන්න බොහෝ දෙනෙකුට පොලීමේ රැදී සිටීමට සිදුවන බව සදහන්.

සම්පූර්ණ ක්‍රියාවලියම පුහුණුකරුවන් සමඟ සිදුවන අතර අනතුරු අවම බවයි වාර්තා කර ඇත්තේ.

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය උපදේශන මාධ්‍යයෙහි වෙනසක්

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මූල්‍ය උපදෙස් සඳහා සමාජ මාධ්‍ය වෙත යොමු වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »