Search

සමේ පිළිකා කල්තියා හඳුනා ගන්න මෙල්බන් පර්යේෂණ කණ්ඩායමක් සමත්වෙයි

සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් 2000 ක් පමණ සමේ පිළිකාවන්ගෙන් මිය යන බව හදුනාගෙන තිබෙනවා.

මෙල්බර්න් හි විද්‍යාඥයින් විසින් වැඩි දියුණු කරන ලද නව රුධිර පරීක්ෂාවකින් පියවි ඇසට පෙනෙන්නටත් පෙර මෙලනෝමා  තත්ව හඳුනාගැනීමේ නව පර්යේෂණයක් සිදුකර තිබුණා.

රුධිර පරීක්ෂණ මගින් පිළිකාවේ ජෛව සලකුණු මනින අතර සමේ රෝග ලක්ෂණ පෙන්වීමට පෙර පිළිකාකාරක මෙලනෝමා හඳුනා ගත හැකි බවයි වාර්තා වන්නේ.

රුධිර පරීක්ෂාව මහින් සමේ පිළිකා ආසාධන හදුනාගැනීමේ ක්‍රමවේදයට සොඛ්‍ය අංශ විසින් නීතිමය අවසරය ලබා දෙන්නේ නම් එම ක්‍රමවේදය ලබන වසරේ සිට සාර්ථකව සිදු කිරීමට සුදානම් බවයි මෙල්බන් විශේෂඥයින් පවසන්නේ.

නමුත් මෙය ලාභදායී ක්‍රමවේදයක් නොවන අතර රෝගීන්ට එක් පරීක්ෂණයකට ඩොලර් 1200 ක් සහ ඩොලර් 1500 ක් අතර මුදලක් වැය වීමට නියමිත බව සදහන්.

මෙම තාක්ෂණය නව නිපැයුම්කරු Genesq Biosciences සහ Australian Clinical Labs (ACL) සමඟ එක්ව සංවර්ධනය කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.

මෙලනෝමා තත්ව යනු ඔස්ට්‍රේලියාවේ තුන්වන වඩාත් සුලභ පිළිකාවක් වන අතර එය වයස අවුරුදු 20 සහ 39 අතර ඔස්ට්‍රේලියානුවන් අතර බහුලව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මෙලනෝමා වලින් සියයට 90 ක් පමණ ඉක්මනින් හදුනාගැනීම සිදුකළහොත් ශල්‍යකර්මයකින් සුව කළ හැකි බව සදහන්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »