Search

NSW ළමුන් මත්පැනට ඇබ්බැහි වීම ඉහළට මත්පැන් නියාමනයට අලුත් වැඩපිළිවෙළක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත Liquor and Gaming Authority විසින් හදුන්වා දී තිබෙන නව කෙටුම්පත් සහ මාර්ගෝපදේශ හරහා බාල වයස්කාර ළමුන් විවිධ වූ රසයන් හරහා ආකර්ෂණය කර ගත හැකි මත්පැන් වර්ග නියාමනය කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු සදහන් වනවා.

ප්‍රාන්තයේ මත් පැන් අලෙවි සැල් තුළ අලෙවි කරන පලතුරු සහ Sweets වර්ග වල රසයන් මිශ්‍ර කර නිපදවා ඇති ඇති බීම වර්ගවල රසයන් සම්බන්ධයෙන් ඉදිරියේදී නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි සදහන් වන්නේ.

මේ අතර ඇතැම් පාන වර්ග අධික පැණි රසකින් යුක්ත වන බව ද එහි දක්වා තිබෙනවා.

මෙම රසයන් හේතුවෙන් බාල වයස්කාර ළමුන් මත්පැන් භාවිතයට ආකර්ෂණය වීමේ හැකියාව පවතින බවද සදහන්.

මෙම ක්‍රියාවලිය හරහා ඉදිරියේදී මධ්‍යසාර අඩංගු ginger beer වර්ග විවිධ රසයන් යොදා නිපදවා ඇති වොඩ්කා වර්ග මෙන්ම කෝලා මිශ්‍ර බර්බන් ද ප්‍රාන්තයේ මත්පැන් අලෙවි සැල් වල මෙනුවෙන් ඉවත් විය හැකි බවට වාර්තා වනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »