Search

ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් බහුතරයක් නාන තටාකවලදී අනාරක්ෂිත බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් 40% ක් පමණ නාන තටාක සමග ගනුදෙනු කිරීමේදී ආරක්ෂක ක්‍රමෝපායන් (Water Safety Benchmarks) අනුගමනය නොකරන බවට අනාවරණය වී තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුළ Kids Alive හි නිර්මාතෘ ලෝරි ලෝරන්ස් විසින් අනතුරු අඟවා ඇත්තේ නාන තටාකවලදී දරුවන් අනාරක්ෂිත බවයි.

Summer සෘතුව තුළ දරුවන් නාන තටාකවල කාලය ගතකරන විට දෙමාපියන් ඒ සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව ද වැඩිදුරටත් සදහන්.

නාන තටාක හිමිකරුවන් විසින් මේ මාසයේදී තම නාන තටාක සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් කිරීම ඉතාමත් වැදගත් බවයි ලෝරි ලෝරන්ස් විසින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙන්නේ පවුලේ සංචාරවලදී ජලය සමග ගනුදෙනු කරන විට (Water Safty) ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් නොවන බවයි.

සෑම පවුල් පහකින් එකක් නාන තටාකවලදී හදිසි තත්වයන්ට මුහුණ දී තිබෙන බවට වාර්තා කර ඇති බවත් එම සිදුවීම්වලින් 87% කට දරුවන් සම්බන්ධ බවයි එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.