Search

ලොව රත්‍රන් සංචිත වැඩිම රට ලෙස ඔස්ට්‍රේලියාව නම් කෙරේ

Seasia Stats විසින් ලොව වැඩිම රත්‍රන් සංචිත ප්‍රමාණයක් ඇති රටවල් ලැයිස්තුව නම් කර තිබෙනවා.

එහිදී ලොව වැඩිම රත්‍රන් සංචිත ප්‍රමාණයක් පවතින රට බවට ඔස්ට්‍රේලියාව නම් කර තිබෙන අතර 2023 වසර වනවිට එම අගය මෙට්‍රික් ටොන් 12,000 ක් බවයි සදහන් වන්නේ.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානය රුසියාවට හිමිව තිබෙන අතර 2023 වසර වනවිට රුසියාව තුළ රත්‍රන් සංචිත ටොන් 11,000 ක් පවතින බවයි දැක්වෙන්නේ.

රත්‍රන් මෙට්‍රික් ටොන් 5,000 ක් පවතින දකුණු අප්‍රිකාවට මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිව තිබෙන පසුබිමක රත්‍රන් මෙට්‍රික් ටොන් 3000 ක් හිමි ඇමෙරිකා එක්සත් ජනපදයට මෙම ලැයිස්තුවේ සිව් වන ස්ථානය හිමිව තිබෙනවා.

රත්‍රන් මෙට්‍රික් ටොන් 3,000 ක් පවතින චීනයට මෙම ලැයිස්තුවේ පස් වන ස්ථානය හිමිව තිබෙන අතර රත්‍රන් මෙට්‍රික් ටොන් 2,600 ක් පවතින ඉන්දුනීසියාවට එහි හය වන ස්ථානය හිමිව තිබීම ද කැපී පෙනෙනවා.

රටවල් 15 ක් මෙම ශ්‍රේණිගත කිරීම සදහා ඇතුලත්ව තිබෙන පසුබිමක රත්‍රන් මෙට්‍රික් ටොන් 420 ක් සහිත ටැන්සානියාවට එහි අවසන් ස්ථානය හිමිව තිබීම ද විශේෂත්වයක්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »