Search

අදින් ආරම්භ වන නත්තල් මාසයේ මෙල්බන් වාසීන්ට විනෝද වීමට සැණකෙළි රැසක්

අදින් ආරම්භ වන නත්තල් මාසය වෙනුවෙන් මෙල්බන් වැසියන්ට විනෝද වීම සදහා උත්සව අවස්ථාවන් රැසක් සංවිධානය කර තිබෙන බවට melbourne.vic.gov.au වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 6 වනදා සිට දෙසැම්බර් 24 වනදා දක්වා මෙල්බන් හි Yarra ගං ඉවුරේදී නත්තල් සැණකෙළියක් පැවැත්වෙන බව ද එහි සදහන් වනවා.

මේ අතර දෙසැම්බර් 7 වනදා සිට දෙසැම්බර් 24 වනදා දක්වා මෙල්බන් නගරයේ දී Christmas Bubble Show වැඩසටහක් පැවැත්වෙන බවද සදහන්.

දෙසැම්බර් 25 දක්වා මෙල්බන් වැසියන්ට Yarra හීදී Crown Christmas River Show වැඩසටහනක් ද පැවැත්වෙන බවද දක්වා තිබෙනවා.

දෙසැම්බර් 7 වනදා සිට 22 වනදා දක්වා මෙල්බන් හි Capitol රඟහලේදී නත්තල් සමය වෙනුවෙන් විශේෂ චිත්‍රපට ප්‍රදර්ශනයක් ද පැවැත්වෙන බවද එහි වැඩිදුරටත් සදහන්.

මෙල්බන් නගරය තුළ දෙසැම්බර් 25 වනදා දක්වා විශේෂ නත්තල් සැරසිලි ප්‍රදර්ශනයක් සහ උත්සවයක් ද පැවැත්වෙන බවද වාර්තා වනවා.

මෙවර නත්තල් උත්සව සමය වෙනුවෙන් Myer Christmas Windows, Koorie Krismas, Nth Pole, Christmas Square, Christmas at Queensbridge Square, Santa Photography, A Jane Austen Christmas with Lise Rodgers, Bad Santa Xmas Party, Christmas Vegan Market, Christmas Day Lunch at Pan Pacific Melbourne, Melbourne City Christmas Treasure Hunt, Bonza Christmas Cruise, Christmas Day Lunch Buffet at Crowne Plaza Melbourne, Santa Storytime ඇතුළු තවත් උත්සව අවස්ථා රැසක් සංවිධානය කර තිබෙන බවයි සදහන් වන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »