ෆෙඩරල් රජය විසින් ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගෙන ඡන්ද දායකයන් ආකර්ෂණය කර ගැනීම සදහා ඩොලර් බිලියන ගණනක ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය භාවිතා කිරීමට සැලසුම් කරන බවට තොරතුරු සදහන් වනවා.
කම්කරු රජය විසින් මේ වනවිට ඡන්ද දායකයන් ආකර්ෂණය කර ගැනීම උදෙසා විවිධ වූ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවමින් සිටින බව ද සදහන්.
කෙසේ වෙතත් The Financial Review විසින් පවත්වනු ලැබූ ජන මත විමසුමකින් පෙන්නුම් කර ඇත්තේ කම්කරු රජය නැවත බලයට පත් වුවහොත් උද්ධමනය අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇති හැකියාව පිළිබදව ජනතාව තුළ සැකයක් පවතින බවයි.
මෙම ජන මත විමසුමට අනුව ඉදිරි මැතිවරණය කම්කරු පක්ෂයට අභියෝගාත්මක විය හැකි බවයි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.
මේ අතර අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ඉදිරි මැතිවරණයට පෙර ජීවන වියදම පාලනය කිරීම සදහා කටයුතු කරන බවට ඔස්ට්‍රේලියානුවන්ට සහතික වී තිබෙනවා.