Search

ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 233 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (30) සමත් වුණා.

නොවැම්බර් 27 වනදා Kingsmead හීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සදහා දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 191 ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක Temba Bavuma ලකුණු 70 ක් රැස් කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කඩුළු 3 බැගින් බිඳහෙලීමට සමත් වීම ද කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 42 ක් පමණයි.

මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ටෙස්ට් තරගයක ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේදී කණ්ඩායමක් විසින් ඉනිකමදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද වනවා.

දෙවන ඉනිම සදහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 5 ක් පමණක් දැවී ලකුණු 366 ක් රැස් කිරීමෙන් පසුව ඉනිම අත්හිටුවීමට තිරණය කළා.

ලකුණු 516 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 282 ක් පමණයි.

තරග 1 – 0 ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වනදා Gqeberha හී දී ආරම්භ වීමට නියමිතයි.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »