Search

කෙසෙල් ගෙඩියකට $මිලියන 9.5ක් වියදම් කළ ව්‍යවසායකයා

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 9.5ක මුදලකට අලෙවි වී තිබෙනවා.

එය ශ්‍රී ලංකා  මුදලින් රුපියල් කෝටි 180කට ආසන්න මුදලක්.

එම කෙසෙල් ගෙඩිය සහිත කලා නිර්මාණය මිලදී ගත් චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායක ජස්ටින් සන් එය කෑමට ගත් ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ජස්ටින් සන් කෙසෙල් ගෙඩිය කෑමට ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි ප්‍රසිද්ධියකට ලක්ව තිබෙනවා.

තමන් මෙම කලා නිර්මාණය මිලදී ගත්තේ, එම අද්විතීය කලා නිර්මාණයේ අත්දැකීම විඳ ගැනීම සඳහා බව එය මිලදී ගන්නා අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර තිබුණා.

මෙම කලා නිර්මාණය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ “කමීඩියන්” නැමැති කලා නිර්මාණය ලෙස සැලකෙයි.

.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »