නිෂ්පාදන ගැටළුවක් හේතුවෙන් සුක්කානම පාලනය කිරීමේදී ඇති විය හැකි දෝෂ සැලකිල්ලට ගනිමින් Toyota Corolla වර්ගයේ මෝටර් රථ වර්ග 3 ක් යළි කැදවා තිබෙනවා.
2023 සහ 2024 දක්වා කාලය තුළ නිෂ්පාදනය කළ Corolla Cross (MXGA10R) Corolla Cross Hybrid (MXGH10R) සහ Corolla Sedan Hybrid (ZWE219R) යන මදිලිවල වාහන 1270 කඩ අධික ප්‍රමාණයකට මෙම ගැටළුකාරී තත්වය හරහා බලපෑම් එල්ල විය හැකි බවයි සදහන් වන්නේ.
Corolla Cross Hybrid (Atmos, GX, GXL), Corolla Cross Petrol (Atmos, GX, GXL) සහ Corolla Sedan Hybrid (Acset sport, SX) යන වර්ගවල වාහනවලට ද මෙම ගැටළුකාරී තත්වය උද්ගත විය හැකි බව මෙහි වැඩිදුරටත් සදහන් වනවා.
මේ අතර එම මෝටර් රථ මාදිලිවල සුක්කානමේ පළුදු වීම් ඇති විය හැකි බවට මෝටර් රථ සමාගම විසින් සොයාගැනීමක් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
සුක්කානමේ පාලනය ගිලිහී යාම හරහා මාර්ග අනතුරු සිදුවීමේ වැඩි අවදාමක් පෙන්නුම් කරන බවද සදහන්.
ප්‍රවාහන දෙපාර්තුමේන්තු අඩවියේ මෙම දෝෂය සහිත වාහන හදුනා ගැනීම සදහා VIN ලැයිස්තුවක් පල කර තිබෙන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.