Search

උත්සව සමයේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ COVID -19 අවදානම ඉහළට

ඔස්ට්‍රේලියාව පුරා Covid 19 නැවත වරක් හිස ඔසවන පසුබිමක වික්ටෝරියා ප්‍රාන්තය තුළ එම තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු සදහන් වනවා.

මෙවැනි තත්වයක් තුළ සෞඛ්‍ය විශේෂඥයින් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නත්තල් උත්සව සමය ආරම්භ වීමට පෙර Covid 19 එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට එන්නත්කරණය සදහා යොමුවන ලෙස හා නිරතුරුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරන ලෙසයි.

මේ අතර පසුගිය මාසයේ දී වික්ටෝරියා ප්‍රාන්තය තුළ Covid 19 රෝගීන් 44% කින් ඉහල ගොස් තිබෙන බවයි Covid 19 Live දත්ත වාර්තා විසින් පෙන්වා දී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ Covid 19 වැළදුණු රෝගීන් රෝහල්ගත වීමේ ප්‍රතිශතය ද ඉහල ගොස් තිබෙන අතර ඔක්තෝබර් මාසය තුළ සතියකට රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව දළ වශයෙන් 197 ක් දක්වා ඉහල ගොස් තිබෙන බවද එම වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ක්ලෙයාර් ලූකර් විසින් සදහන් කර ඇත්තේ සෞඛ්‍ය දර්ශකයන් හරහා පෙන්නුම් කරන්නේ ප්‍රාන්ත වැසියන් අතර Covid 19 රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

උත්සව සමය එළඹීමට පෙරාතුව Covid 19 වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය අමතර පියවර ගැනීමට කාලය එළඹ තිබෙන බවයි ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »