![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ලොව පුරා සාමාජ මාධ්‍ය අතර වඩාත් ආකර්ෂණීය සමාජ මාධ්‍යක් වන TikTok හි වත්මන් පරිශිලකයින් සංඛ්‍යාව බිලියන 1.5 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මසක් තුළ එක්පුද්ගලයෙක් ටික්ටොක් භාවිත කරන සාමාන්‍ය අගය සැලකිල්ලට ගනිමින් ලෝකයේ රටවල් ශ්‍රේණිගත කර තිබුණා.
TikTok Demographic Data වාර්තාවට අනුව මසක් තුළ එක් එක් රටවල ජනතාව ටික්ටොක් භාවිත කරන පැය ගණනේ සාමාන්‍ය අගය ගණනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
ලොව වැඩිම ප්‍රමාණයක් මසක් තුළ ටික්ටොක් ගිණුම් පරිශීලණය කරන පැය ගණන අගය අනුව ඉන්දුනිසීයාව පළමු තැනය නම් කර ඇති අතර ටික්ටොක් භාවිතයේ සාමාන්‍ය අගය පැය 41යි විනාඩි 35ක්.
තවද ටික්ටොක් සමාජ මාධ්‍ය වයස අවුරැදු 18ත් 24ත් අතර වියෙහි පසුවන තරුණ ප්‍රජාව අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යක් වන අතර ඉන් සියයට 58ක්ම කාන්තාවන් වීම ද විශේෂත්වයක්.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
එම ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 9 වන ස්ථානය අනුව අතර ඔස්ට්‍රේලියානුවන් මසක් තුල ටික්ටොක් භාවිතයේ පැය ගණනේ සාමාන්‍ය අගය පැය 37යි විනාඩි 52ක් ලෙසයි දැක්වෙන්නේ.
පැයක් තුළ වැඩිම කාලයක් ටික්ටොක් භාවිත කරන රටවල් අතර පිළිවෙළින් බ්‍රිතාන්‍ය, චිලි දේශය, මෙක්සිකෝව සහ තායිලන්තය දෙක, තුන, හතර සහ පහ යන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.