ගතවු දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
තවත් පුද්ගලටින් ලක්ෂ 5කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ
මේ අතර නිකුත් කළ නායයාම් අවදානම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන අතර අදියර තුන යටතේ නිකුත් කර තිබු “ඉවත් වීමේ නායයාම් අවදානම් ප්‍රදේශ” ඉන් ඉවත් කර ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවෙමින් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කරනු ඇති බවයි.
අනුව ශ්‍රී ලංකාවේ කාලගුණයට මෙම පද්ධතියට එමගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.