
ඔස්ට්‍රේලියාවේ පානීය ජල පෝශක කලාපයන් හි පිළිකා කාරක පවතින බවට හදුනාගෙන තිබෙනවා.
විශේෂයෙන් පසුගිය වසර දෙක තුළ බ්‍රිස්බන් හි පානීය ජල පෝෂක ප්‍රදේශයන් හි මෙලෙස පිළිකා කාරක ලෙස ගැනෙන රසායනික ද්‍රව්‍ය සහ පළිබෝධනාශ අන්තර්ගත බවටයි තහවුරු වී ඇත්තේ.
එම ජලය පානය කිරීම ආරක්ෂිත බවත් අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා ඇති බවටත් සහ එය නැවත තක්සේරු කරන ලෙසත් නීතිවේදියෙකු ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉහළ සාන්ද්‍රණයකින් යුත් PFOA රසායනික ද්‍රව්‍ය පානිය ජලයේ ඇත්නම් පිළිකා ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි නිර්දේශ කර ඇත්තේ.
ඔස්ට්‍රේලියානුවන් පානය කරන ජලය ඔස්ට්‍රේලියානු පානීය ජල මාර්ගෝපදේශවලට සම්පූර්ණයෙන්ම අනුකූල විය යුතු බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබෙනවා.

ජලයේ ගුණාත්මකභාව සම්බන්ධයෙන් එක් එක් රාජ්‍යයන්ගේ ප්‍රමිති නිර්ණායකයන් පවතින අතර ඇමරිකානු නිර්නායක යටතේ මෙරට පානිය ජලයේ පිළිකා සාන්ද්‍රණ පවතින බව පෙන්වා දුන්නද ඔස්ට්‍රේලියානු විශේෂඥයින් පවසන්නේ “අපට අනුකූල විය යුත්තේ ඔස්ට්‍රේලියානු පානීය ජල මාර්ගෝපදේශවලට මිස ඇමරිකාවේ පානීය මාර්ගෝපදේශවලට නොවන බවයි.
පානිය ජලයේ ගුණාත්මකභාව වෙනුවෙන් කටයුතු කරන බවයි ඔස්ට්‍රේලියානු පානීය ජල මාර්ගෝපදේශ ආයතනය පවසන්නේ.