තුර්කි ගුවන් සේවයට අයත් පළමු ගුවන් යානය ඊයේ පස්වරුවේ සිඩ්නි ගුවන්තොටුපළ වෙත ලගා වුණා.
ඒ අනුව ඊයේ සිට සිඩ්නි සිට යුරෝපයට නව ගුවන් සේවාවක් ආරම්භ වන බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණා.
මෙම නව ගුවන් සේවාව සමග සතියකට ගුවන් ගමන් හතරක් සිඩ්නි සිට ඉස්තාන්බුල් දක්වා සිදු කෙරෙන අතර මගීන් දහස් ගණනක් රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
තුර්කි ගුවන්සේවා මගින් සෑම සතියකම ගුවන් මගීන් 68,620 කට සේවා සැපයීම අරමුණ වන අතර එමගින් ඩොලර් මිලියන 53ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව සදහන්.
මෙමගින් සිඩ්නි ගුවන්තිටුපලේ නව රැකියා 290ක් බිහිවෙන අතර මෙම ගුවන් ගමන් මාර්ග විදේශ සංචාර සදහා වෙන්කරවා ගැනීමට කැමති ඔස්ට්‍රේලියානුවන්ට නව ගමනාන්තයක් වන බවයි සදහන් කර ඇත්තේ.
සිඩ්නි අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් විසින් නව ගුවන් සේවය සිඩ්නි වෙත පිළිගනු ලැබූ අතර ඊයේ පස්වරු 4ට පළමු ගුවන් යානට සිඩ්නි වෙත පැමිණියා.