Search

වෙනස්වූ ඔස්ට්‍රේලියා Student Visa නීති වලට ඉන්දියාවෙන් දෝෂාරෝපණ

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ගාස්තු සියයට 125කින් වැඩිව ඇති බවට ඉන්දියාව චෝදනා කරනවා.

Times of India වාර්තා කරන්නේ විසා ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ඉන්දීය සිසුන්ගේ ජාත්‍යන්තර අධ්‍යාපන සිහින බොදව ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු ඩොලර් 710 සිට ඩොලර් 1600 දක්වා ඉහළ දමා ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Kirti Vardhan ඊයේ (29) රාජ්‍ය සභාවේ දී මෙම කරුණු ඉදිරිපත් කර තිබුණා.

මෙම වැඩිවීම නිසා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අවස්ථා සොයන ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර සිසුන් මූල්‍යමය පීඩාවට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපන හවුල්කාරිත්වයේ වැදගත්කම ද ඔහු එහිදි නැවත අවධාරණය කළා.

ඉන්දියාව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය ජනගහනයට ප්‍රධාන දායකයෙක් සපයන බවයි විදේශ අමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නේ.

වීසා ගාස්තු ඉහළ දැමීම පමණක් නොව ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවද IELTS අගයද 5.5 සිට 6.00 දක්වා ඉහළ දමා ඇති බව ද එහිදි සදහන් කර තිබුණා.

තවද ජීවන වියදම් කෙරෙහි වත්කම් පෙන්වීමේදි එම මුදලද ඩොලර් 24505 සිට ඩොලර් 29710 දක්වා ඉහළ දමා ඇති බවයි ඉන්දීය රජය චෝදනා කරන්නේ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »