වික්ටෝරියා හි ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් Urgent Care සෞඛ්‍ය සේවා පුලුල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
හදිසි අවස්ථා වලදී වෛද්‍යවරයෙක් හමුවීමට නොහැකි පුද්ගලයින් සදහා Urgent Care සේවා මගින් කඩිනම් උපදෙස් ලබාදීම මෙහි අරමුණ බවයි වාර්තා වන්නේ.
මෙය නොමිලේ ලබා දෙන සේවාවක් වන අතර පැය විසිහතර පුරාම මෙම සේවා ක්‍රියාත්මක වන අතර නිවැරදි සහ අවශ්‍ය උපකාර කඩිනමින් ලබා ගැනීමට වික්ටෝරියානුවන්ට අවස්ථාව හිමිවනවා.
මෙම සේවා සදහා Medicare කාඩ්පත් අවශ්‍ය නොවන අතර සෑම කෙනෙකුටම විවෘත වන අතර අංශ තුනක් යටතේ දුරකතන මාර්ග ඔස්සේ සේවා ලබාගත හැකියි.
1300606024 යන දුරකතන අංකය ඇමතීමෙන් ඔබට අවශ්‍ය සියලු වෛද්‍ය සේවා උපදෙස් ලබාගත හැකියි.
හෙදියන් සමග සෘජුව සම්බන්ධ වීම, එසේම හදිසි ප්‍රතිකාර ලබා ගැනීම මෙන්ම වෛද්‍ය වරුන් චැනල් කිරීමේ හැකියාවද මේ හරහා වික්ටෝරියානු වැසියන්ට හිමිවනවා.
එසේම ගිලන් රථ ඉතා ඉක්මනින් ගෙන්වා ගැනීමට මෙන්ම විශේෂඥයින් හමුවීමටද මෙයින් අවස්ථාව හිමිවන බවයි වික්ටෝරියා Urgent Care Service
සදහන් කළේ.