Search

නිසි නින්දක් නොමැති අයට වැළදෙන රෝග ගැන අලුත්ම අනාවරණයක්

ක්‍රමවත් නින්දක් නොමැති පුද්ගලයින්ට හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග වලට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.

කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර නින්දෙහි ප්‍රමාණාත්මක කාලය නොව අඛණ්ඩ නින්ද සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමුකර තිබුණා.

අවුරුදු 40ත් 79ත් අතර වයසෙහි පසුවන පුදගලයින් 72269ක් යොදාගනිමින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර අක්‍රමවත් නින්දක් සහිත පුද්ගලයින්ට හෘදයාබාද හා ආඝාත වැනි රෝග වලට වැඩි බලපෑමක් පවතින බව හෙළිව තිබෙනවා.

එසේම ක්‍රමවත් නින්දක් පවතින පුද්ගලයින්ට සාපේක්ෂව අක්‍රමවත් නින්දක් පවතින පුද්ගලයින්ට හෘදයාබාධ ඇතිවිමේ ප්‍රවනතාව සියයට 26කින් ඉහළ බව සඳහන්.

සැම පුද්ගලයෙකුටම ගුණාත්මක නින්දක් අවශ්‍ය වන අතර අඛණ්ඩ නින්ද සැමවිටම මගහැරීම පුද්ගලයින් සඳහා අතුරු ආබාධ ඇති කරන බවයි වාර්තා වන්නේ.

තවද මත්පැන් පානය සහ දුම්පානය වැනි සාධකද පුද්ගල අඛණ්ඩ නින්දට බලපෑම් කරන බවද පර්යේෂණ වලදී තහවුරු වී තිබෙනවා.

අවුරුදු 18 සිට 64 දක්වා පුද්ගලයින් සඳහා රාත්‍රියකට පැය හතේ සිට නවය දක්වා නින්දක් අවශ්‍ය වන බවයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ.

අවුරුදු 65 ට වැඩි අය සඳහා පැය හතේ සිට අට දක්වා නින්දේ දෛනික නිර්දේශ කර තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »