2024 වසරේ මෙල්බන් හි වඩාත් දැරිය හැකි නිවාස පිහිටි ප්‍රදේශ සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
PRD Real Estates වාර්තා අනුව මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයක් ආශ්‍රිත නිවාස මිල ඉහළගොස් ඇති අතර මෙල්බන් හි දැරිය හැකි මිලට නිවාස ලබා ගත හැකි ප්‍රදේශ කිහිපයක් මෙහිදි ඇතුලත්ව තිබුණා.
PRD Real Estates හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Diaswati Mardiasmo සදහන් කළේ පළමුවරට නිවාස මිලදී ගැනීමට අපේක්ෂිත තරුණ පිරිස් සදහා මෙම වාර්තා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති.
ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීමේ මෙල්බන් අවට දැරිය හැකි මිලට නව නිවසක් ලබාගත හැකි හොදම ප්‍රදේශය ලෙස නම් කර ඇත්තේ Broadmeadows ප්‍රදේශයයි.
එහි නිවාස මිල ඩොලර් 568,000 ක් වන තර Albanvale ප්‍රදේශය ද එලෙස නිවාස මිලදී ගැනීමට සුදුසුම ප්‍රදේශයක් ලෙසයි නම් කර ඇත්තේ.
තවද මෙල්බන් හි St Albans ප්‍රදේශයෙහි දැරිය හැකි නිවාස මිල ඩොලර් 650,000ක් වන අතර Lalor ප්‍රදේශයෙහි ඩොලර් 700,000කට නිවාස මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
තවද BrayBrook, Mill Park, Heidelberg West, Glenroy සහ Greenvale යන ප්‍රදේශ මෙල්බන් හි දැරිය හැකි මිලට නිවාස ලබාගතහැකි ප්‍රදේශ ලෙසයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.