
අද (ඉරිදා) සහ සඳුදා දිනවලදී නිවෙස්වලටම වී සිටින ලෙස කාළගුණ අංශ විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිණිකොන දිග ප්‍රදේශවාසීන්ට අනතුරු අගවා තිබෙනවා.
ඒ ධාරාණිපාත වර්ෂා – දැඩි සුළං සහ අයිස් කුණාටු ඇති විය හැකි බවට අනාවැකි පළවී තිබීම හේතුවෙන්.
මේ අතර Weir, lower Paroo, Condamine, Balonne, lower Thomson – Moonie rivers, Cooper Creek ප්‍රදේශ සඳහා ගංවතුර අවධානම් අනතුරු ඇගවීම්ද නිකුත් කර තිබෙනවා.

කාළගුණ අංශ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෙරළාසන්න ජනතාවට දන්වා ඇත්තේ මුහුදු රළ ඉහළ යා හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසයි.
COMMENTS