Search

ගැහැණු ළමුන් 70ක් අපයෝජනය කළ ඔස්ට්‍රේලියානු හිටපු ළමාරක්ෂක සේවකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

 

ගැහැණු ළමයින් 70 කට ආසන්න සංඛ්‍යාවක් ලිංගික අපයෝජනයට ලක් කළ ඔස්ට්‍රේලියානු හිටපු ළමාරක්ෂක සේවකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

47 හැවිරිදි Ashley Paul Griffith නම් මෙම පුද්ගලයා මෙතෙක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වුණු දැඩි ළමා කාමුකයන්ගෙන් අයෙක්’ වන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Ashley Paul Griffith විසින් 2003 වසරේ සිට 2022 වසර දක්වා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සහ ඉතාලියේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුකළ වැරදි 307 ක් පාපොච්චාරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහුට ගොදුරු වූ දරුවන් අතර වයස අවුරුදු එකත් හතත් අතර දරුවන් සිටින බවයි වාර්තා වන්නේ.

මීට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දරුවන් පිරිසක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද ඈෂ්ලි ග්‍රිෆිත්ට චෝදනා එල්ලව තිබෙනවා.

ඒ අනුව ඈෂ්ලි හට තීන්දුවක් ලබාදෙමින් බ්‍රිස්බේන් දිස්ත්‍රික් උසාවියේදී විනිසුරු ස්මිත් පැවසුවේ ඔහු “paedophilic disorder” නම් තත්තයෙන් පෙළෙන බවත් ඊට අනුව ඔහු නැවත වරදක් කිරීමේ ඉහළ අවදානමක් ඇති බවයි.

මේ හේතුවෙන් අවම වශයෙන් වසර 27 ක සමාවක් නොවන කාල සීමාවක් නියම කරන බවටයි විනිසුරුවරයා තීන්දු කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය විසින් ඈෂ්ලි ප්‍රථම වරට අත්අඩංගුවට ගෙන තිබුණේ 2022 වසරේ අගෝස්තු මාසයේදී යි.

ඉන් වසරකට පසුව ළමා ලිංගික අපරාධ 1,600කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද, පසුව ඒවායින් බොහොමයක් අතහැර දමන ලද බව සඳහන්.

කෙසේ නමුත් දිගින් දිගටම කරන ලද විමර්ශන හමුවේ ඈෂ්ලි විසින් සිදුකළ අපයෝජනයන්ගේ ඡායාරූප සහ වීඩියෝ විශාල ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

ඒවා ඔහු විසින් රූගත කර dark web වෙත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

එම දර්ශනවල දරුවන්ගේ සහ ඈෂ්ලිගේ මුහුණ පැහැදිලි නොවුණත්, ක්වීන්ස්ලන්තය පුරා ළමා සුරැකුම් මධ්‍යස්ථානවල භාවිත කෙරෙන ඇඳ ඇතිරිලි එම වීඩියෝවල පසුබිමේ දක්නට ලැබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ඈෂ්ලි පෝල් ග්‍රිෆිත් වෙත සැකය යොමු වුණා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »