Search

මිලදී ගත් පළමු ලොතරැයිය නිසා මෙල්බන් තරුණයෙක් මිලියනපතියෙක් වෙයි

ඔස්ට්‍රේලියාවේ තෙවන විශාලතම powerball දිණුම් ඇදීමේ ජයග්‍රාහි මුදල මෙවර පුද්ගලයින් දෙදෙනෙක් අතරේ සමසේ බෙදී ගියා.

එක් ජයග්‍රාහකයෙක් ක්වින්ස්ලන්ඩ් වැඩියෙක් වන අතර අනෙක් ජයග්‍රාහකයා වික්ටෝරියානුවෙක්.

මේ වන විට ක්වින්ස්ලන්ඩ් හි මවක් සහ මෙල්බන් හි විසි හැවිරිදි තරුණයෙක් මෙම ජයග්‍රාහි මුදල් ලබා ගැනීමට ඉදිරිපත්ව තිබුණා.

මෙම විසි හැවිරිදි තරුණයා මිලදී ගත් පළමු පවර්බෝල් ටිකට් පතෙන් ඔහු ඩොලර් මිලියන 100 ක ජැක්පොට් ත්‍යාගමුදලේ හිමිකරුබවට පත්වීම විශ්මයජයක පුවතක් ලෙසයි වාර්තා වන්නේ.

ක්වින්ස්ලන්ඩ් ජයග්‍රාහිකාව සදහන් කර ඇත්තේ තමන්ගේ ව්‍යාපාරයේ කටයුතු සදහා තමන් මුදල් අපේක්ෂාවෙන් සිටි බවත් ඊයේ රාත්‍රියේ තමන් මෙවැනි විශාල මුදලක් ජයගත් බවට ලද පුවතින් තමන් මවිතයට පත්වූ බවයි.

තවද ඇය සදහන් කර ඇත්තේ තමන් බෝහෝ කලක සිට ලොතරැයිපත් මිලදී ගත් බවත් මේ ඇය ලැබූ පළමු ජයග්‍රහනය මෙය බවයි.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »