සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම හෝ වැඩි පැය ගණනක් වැඩ කිරීමට ඔවුන්ට බලපෑම් කරන ආයතන හිමිකරුවන් සම්බන්ධයෙන් නීති දැඩි කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය ජුලී 1 වනදා සිට ක්‍රියාත්මක නව සංක්‍රමණ නීති හමුවේ ආයතන හිමිකරුවන්ට රිසි සේ සංක්‍රමණ සේවකයින්ගේ ශ්‍රම සූරා කෑමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
මෙම නව නීති කඩ කරන ආයතන හිමිකරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.
වීසා බලපත්‍ර අවලංගු කරනවා යැයි තර්ජනය කරමින් සංක්‍රමණ සේවකයින්ට බලපෑම් කරන ඔස්ට්‍රේලියානු ආයතන හිමිකරුවන් සම්බන්ධයෙන් වන පැමිණිලි දිනෙන් දින ඉහළයෑමත් සමග සේවදේශ කටයුතු දෙපාර්තමේන්තුව එම නීති දැඩි කරන බවයි නිවේදනය කර ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික සේවකයින්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමට සහ පැමිණිලි කිරීමට අයිතියක් ඇති බැවින් වීසා බලපත්‍රය අහිමි වේ යන බියෙන් විවිධ පීඩා වලට ලක් නොවන ලෙසයි උපදෙස් ලබා දෙන්නේ.
සංක්‍රමණික සේවකයින් තමන්ට හිමි අයිතිවාසිකම් හා නීති සම්බන්ධයෙන් දැනුවත්වීම සදහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසෙන ලෙස දැනුම් දෙන අතර සේවා ස්ථානය තුළ තම ශ්‍රමය අනවශ්‍ය ලෙස සූරාකෑමට ලක්වන්නේ නම් රහස්‍යභාවය සුරකිමින් ඒ සම්බන්ධ පැමිණිලි කිරීමේ හැකියාව ද පවතිනවා.