Search

ඔස්ට්‍රේලියානු සංචාරකයින් 75000ක් ශ්‍රී ලංකාවට එයි

වසරේ ගතවු කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු සංචාරකයින් 74,973ක් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව ශ්‍රි ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් අතර ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.

සංචාරකයින්ගේ පැමිණීම අනුව පිළිවෙලින් බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනි සහ චීන සංචාරකයින් දෙකේ සිට 5 වන ස්ථාන හිමිකර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 26 තෙක් යාවත්කාලීන වු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව සමස්ත සංචාරකයින් 1,776,889 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ ඇති බව සඳහන්.

මෙම මාසයේ ගත වු මුල් දින 26 තුළ ඔස්ට්‍රේලියානු සංචාරකයින් 6,446 ක් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දි තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ශ්‍රී ලංකාවට වැඩිවශයෙන් පැමිණ ඇත්තේ ඉන්දීය සංචාරකයින් වන අතර එම ගණන සඳහන්ව ඇත්තේ 357,279 ක් ලෙසයි