ලබන වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය රක්ෂණ ආවරණය සඳහා වැඩි මුදලක් වැය වන බවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය රක්ෂණ සමාගම් පුරෝකතනය කර ඇත්තේ ලබන වසරේ සිට රක්ෂණ වාරික අගය තවත් ඩොලර් සිය ගණනකින් ඉහළ යනු ඇති බවයි.
එලෙස රක්ෂණ වාරික වැඩි වන්නේ නම් එය ලබන අප්‍රේල් 1වනදා සිට සිදුවන අතර මෙම වසරේ දෙසැම්බර් සිට ලබන වසරේ මාර්තු දක්වා කාලසීමාව තුළ අදාළ වාරික වැඩි කරන්නේ ද යන්න පිළිබද තීරණය කිරීමට නියමිතයි.
දැනට පවතින සියයට 3.03ක වාරික වැඩිකිරීම සියයට 6 දක්වා ඉහළ දමන ලෙස රක්ෂණ සමාගම් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
වෛද්‍ය ගාස්තු වැඩි කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් වැඩි කිරීම් සහ රක්‍ෂණකරුවන්ට වියදම් වැඩි කිරීම් යන කරුණු සැළකිල්ලට ගනිමින් වාරික අගය ඉහළ දැමිය යුතු බවයි අදාළ සමාගම් පවසන්නේ.
වාරික අගය වැඩි කිරීමට නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ඔස්ට්‍රේලියානු විචක්ෂණ නියාමන අධිකාරිය මෙම යෝජනාව අවසන් අනුමැතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි.
එසේ ඉදිරිපත් කිරීමට පෙර විවිධ කරුණු සලකා බැලිය යුතු බවයි වාර්තා වන්නේ.