Search

$ මිලියන 100 ලොතරැයි ජය වික්ටෝරියානුවාට අමතක වෙයි

ඔස්ට්‍රේලියාවේ තෙවන විශාලතම powerball දිණුම් ඇදීමේ ජයග්‍රාහි මුදල මෙවර පුද්ගලයින් දෙදෙනෙක් අතරේ සමසේ බෙදී ගියා.

එක් ජයග්‍රාහකයෙක් ක්වින්ස්ලන්ඩ් වැඩියෙක් වන අතර අනෙක් ජයග්‍රාහකයා වික්ටෝරියානුවෙක්.

මේ වන විට ක්වින්ස්ලන්ඩ් හි මවක් එක් ජයග්‍රාහී ත්‍යාග මුදල ලබා ගැනීම සදහා ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම ජයග්‍රාහිකාව සදහන් කර ඇත්තේ තමන්ගේ ව්‍යාපාරයේ කටයුතු සදහා මුදල් අපේක්ෂාවෙන් සිටි බවත් ඊයේ රාත්‍රියේ තමන් මෙවැනි විශාල මුදලක් ජයගත් බවට ලද පුවතින් තමන් මවිතයට පත්වූ බවයි.

ඇය සූර්ය පැනල අලෙවිකරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ජයග්‍රහනය සම්බන්ධයෙන් ලොතරැයි සමාගම අමතන විය ඇය සිතා ඇත්තේ සූර්ය පැනල ලබා ගැනීමට වූ පාරිභෝගිකයෙක් බවයි.

ජයග්‍රාහිකාව සදහන් කර ඇත්තේ තමන් බෝහෝ කලක සිට ලොතරැයිපත් මිලදී ගත් බවත් මේ ඇය ලැබූ පළමු ජයග්‍රහනය බවයි.

අනෙක් ඩොලර් මිලියන 50 ජයග්‍රාහකයා මෙතෙක් ඉදිරිපත්ව නොමැති අතර ජයග්‍රාහී ලොතරැයි බත Melbourne’s City of Darebin (ඩෙයාබින්) අලෙවි සැලෙන් මිලදීගෙන ඇති බවයි වාර්තා වන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »