Search

ඔස්ට්‍රේලියානුවන්ගෙන් නත්තල් සීයාට ඇමතුම් 14500ක්

නත්තලට මසකට අඩු කාලසීමාවක් තිබියදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් නත්තල් සීයාට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 14500 ඉක්මවා තිබෙනවා.

පසුගිය නොවැම්බර් 20 වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා වෙත ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව හිමිවූ අතර උත්තර ධ්‍රැවය දක්වා දිවෙන මෙම දුරකතන මාර්ගය නිල වශයෙන් විවෘතව තිබුණා.

#HO HO HO (#46 46 46) යන දුරකතන අංකයට Telstra Payphone භාවිතයෙන් ඇමතුමක් ලබා ගැනීම තුළින් ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා සමග කතා කිරීමට අවකාශය හිමිවනවා.

ඔස්ට්‍රේලියාව පුරා තිබෙන Telstra Payphone භාවිතයෙන් නොමිලේම මෙම අත්දැකීම ලබා ගැනීමට හැකියාව ඇති අතර මෙල්බන් , සිඩ්නි සහ බ්‍රිස්බන් හි තිබෙන Telstra වෙළද සැල්වලට පැමිණීමෙන් ද ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

Telstra Payphone වාර්තා අනුව ඔස්ට්‍රේලියානු දරුවන් රැසක් මේ වන විට උත්තර ධ්‍රැවයේ සිටින නත්තල් සීයා හා සම්බන්ධ වී ඇති බව සදහන්.

දෙසැම්බර් 24 දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වන අතර ඔස්ට්‍රේලියානු ළමුන් වැඩි දෙනෙක් මෙවර නත්තල් සීයා හා සම්බන්ධවීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

කුඩා ළමුන්ට නත්තල් සීයා සමග අවශ්‍ය ඕනෑම දෙයක් ගැන සාකච්ඡා කිරීමට මේ ඔස්සේ අවස්ථාව හිමි වන බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »