කොදෙව්වන්ට එරෙහිව වසර 24 කට පෙර අර්ජුණ තැබූ වාර්තාව කොදෙව් පිළට එරෙහිව දිමුත් බිඳී

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් පිහිටවනු ලැබු වාර්තාවක් වසර 24 කට පසු ඊයේ බිඳ වැටුනා.
ඒ, ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදීයි.
එලෙස දිමුත් කරුණාරත්න විසින් බිද හෙලනු ලැබුවේ විදෙස් රටකදී ශ්‍රී ලංකා නායකයෙකු ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේදී රැසකල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි.
එහිදී දිමුත් කරුණාරත්න කොදෙව් දෙවන ඉනිමේදී ලකුණු 75ක් රැස් කළා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ අර්ජුන රණතුංගද අදාල වාර්තාව බිහි කර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

ඒ, 1997 වසරේදීයි. ඔහු එහිදී කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 72ක් රැස් කළා.

ශ්‍රී ලංකා නායකයින් ලෙස මාවන් අතපත්තු ඉන්දියාවට එරෙහිව 2005 වසරේදී ලකුණු 67ක්ද, 2016 දී ඇන්ජලෝ මැතිවුස් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 59ක්ද රැස් කර තිබුණා.

එහෙත් ශ්‍රී ලංකා කිසිදු නායකයෙකු විදෙස් රටකදී ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේදී ශතකයක් රැස් කර නොතිබීම විශේෂත්වයක්.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »