මෙල්බන් ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක Summer සෘතුවදී දරුණු ලැව් ගිනි තත්වයන් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර ගිනි හා හදිසි සේවා සදහා වූ ජාතික කවුන්සිලය (The National Council for Fire and Emergency Service) විසින් Summer සෘතුවට අදාල ඉදිරි ලැව්ගිනි තත්වයන් සම්බන්ධ වාර්තාවක් නිකුත් කර තිබෙන බව ද සදහන් වනවා.
එම වාර්තාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් ඇතුළු ඔස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශවලට දරුණු ලැව් ගිනි තත්වයන්වල මුහුණ දීමට සිදුවන බවත් ඔස්ට්‍රේලියාවේ මධ්‍යම කලාපයටද ලැව් ගිනි තත්වය හමුවේ බලපෑම් එල්ල වන බවයි සදහන් වී ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙම වසරේදී අඩු වර්ෂාපතනයක් ලැබීම ද ලැව් ගිනි අවදානම වර්ධනය කිරීමට හේතුවක් වී ඇතැයි ගිනි හා හදිසි සේවා සදහා වූ ජාතික කවුන්සිලය (The National Council for Fire and Emergency Service) විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
නිරිතදිග ව්ක්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇතැම් කලාපවලට අඩු වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් වනාන්තරවල පවතින ශාක වියළී ගොස් තිබීම ද ලැව් ගිනි අවදානම ඉහල යෑමට බලපා තිබෙන බවයි ඔවුන් සදහන් කර ඇත්තේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අභ්‍යන්තර ප්‍රදේශ , ටස්මේනියා , Kimberley, දකුණු ඔස්ට්‍රේලියා ඇතැම් ප්‍රදේශ සහ බටහිර ඔස්ට්‍රේලියා උතුරු ප්‍රදේශවල ලැව් ගිනි අවදානම සාමාන්‍ය මට්ටමක පවතින නමුත් හදිසි සේවා සදහා වූ ජාතික කවුන්සිලය (The National Council for Fire and Emergency Service) අනතුරු අඟවා ඇත්තේ එම ප්‍රදේශවල ද තවමත් දරුණු ලැව්ගිනි තත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.