Search

Black Friday දීමනා වට්ටම් අද සිට ඔස්ට්‍රේලියානුවන්ට සිහිකැඳවීමක්

Black Friday වට්ටම් ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් රැසක් අද සූදානමින් සිටිනවා.

ඒ අනුව ගෘහ උපකරණ, අත්‍යවශ්‍ය භාණ්ඩ, ඇඳුම් පැලදුම් පමණක් නොව Black Friday වාසි හිමි අනෙක් අවස්ථා ගැනද ඔස්ට්‍රේලියානුවන්ට මතක් කිරීමක් සිදු කර තිබෙනවා.

ඉදිරියේ දී විවේකය ගත කිරීම සඳහා Hotel වෙන් කර ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවන්ට Booking.com හරහා වෙන්කරවා ගන්නා සඳහා විශේෂ වට්ටම් හිමිවනු ඇති.

මෙම දිමනා දෙසැම්බර් 1 වනදා තෙක් ලබා දෙන අතර Booking.com වෙබ් අඩවිය හරහා ඔබේ වෙන් කරගැනීම් සඳහා කඩිනම් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සමාගම් දෙකක් වන ක්වන්ටාස් සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවා මගින් ද ගුවන් ටිකට්පත් සදහා දීමනා ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ක්වන්ටාස් සහ වර්ජින් ගුවන් සේවා හරහා හිමිවන Black Friday විශේෂ වට්ටම් කාලය අද සිට දෙසැම්බර් 4 වන දක්වා ක්‍රියාත්මකයි.

එසේම ඔස්ට්‍රේලියාවේ තරු පන්ති හෝටල් විසින් විශේෂ මිල අඩු කිරීම් සිදු කර ඇති අතර මෙම වට්ටම් කාලසීමාව පුරා ඔබ විසින් වෙන කරගනු ලබන හෝටල් දීමනා ලබන වසර දක්වා අදාළ වන බව සඳහන්.