Search

ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් බියවිය යුතු සතුන් 10 මෙන්න

National Coronial තොරතුරු පද්ධතිය විසින් නිකුත් කර තිබෙන දත්ත වාර්තාවලට අනුව ඔස්ට්‍රේලියාව තුළ මිනිස් මරණ සදහා වැඩි වශයෙන්ම වගකිව යුතු සත්වයන් 11 දෙනා නම් කර තිබෙනවා.

 

ඔස්ට්‍රේලියානුවන් වැඩි ප්‍රමාණයකගේ මරණවලට වගකිව යුතු සත්වයින් අතරින් පළමු ස්ථානය අශ්වයාට හිමිවී තිබෙන අතර එහි දෙවන ස්ථානය ගවයාට හිමිව තිබීම ද විශේෂත්වයක්.

 

මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය සුනඛයා වෙත හිමිව තිබෙන පසුබිමක එහි සිව් වන ස්ථානය කැන්ගරුවාට හිමිව තිබෙන බවයි සදහන් වන්නේ.

 

සර්පයින් සහ සහ මී මැස්සන් ද ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසකගේ මරණවලට වගකිව යුතු අතර ඔවුන්‍ට මෙම ලැයිස්තුවේ පිළිවෙලින් පස්වන සහ හයවන ස්ථාන හිමි වී තිබෙනවා.

 

මෝරුන් සහ කිඹුලන් මෙම ශ්‍රේණිගත කිරීමේදී පිළිවෙලින් හත් වන ස්ථානය සහ අට වන ස්ථානය හිමි කර ගෙන තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

 

Wombats සහ තවත් සත්ව කාණ්ඩයකට සතුන්ට මෙම ලැයිස්තුවේ නව වන ස්ථානය හිමිව තිබෙන අතර මෙහි දස වන ස්ථානය බළලුන්ට හිමිව තිබීම ද කැපී පෙනෙනවා.

 

ශ්‍රේණිගත කිරීමේ එකොලොස් වන ස්ථානය බැටළුවන්ට සහ එළුවන්ට හිමිවී ඇති බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »