
ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණික සේවකයින් (Temporary Migrant Workers) සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
එම වාර්තාවට අනුව ඇතැම් සේවා යෝජකයින් තාවකාලික සංක්‍රමණික සේවකයින් සූරා කෑමට ලක්කරන බවයි වාර්තා වන්නේ.
නීති විරෝධී බඳවා ගැනීම්, අඩු ගෙවීම් හෝ වැටුප් අත්හිටුවීම,දැඩි සේවා කොන්දේසි වලට මෙම සංක්‍රමණිකයින් යටත් කර ඇති බව සඳහන්.

විශේෂයෙන් තාවකාලික වීසා හිමි කාන්තාවන් ගැබ් ගැනීම් සිදුවුවහෝත් සේවයෙන් පහකිරීම් ද සිදුවන බවයි වාර්තා වන්නේ.
තාවකාලික වීසා හිමි කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වන බව ද එම වාර්තා වල වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය අවසන් කළ සමකාලීන වහල්භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබෝකාටා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුණා.
ෆෙඩරල් රජය විසින් මහාචාර්ය ඔබොකාටා ට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර ඔහු සති දෙකක සංචාරය අතරතුර මෙල්බර්න්, නිරිතදිග නිව් සවුත් වේල්ස් හි රිවර්නා, කැන්බරා, සිඩ්නි සහ බ්‍රිස්බේන් යන ප්‍රදේශවල සංචාරය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු තම සොයාගැනීම් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කර ඇති අතර යළිත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔස්ට්‍රේලියාව කෙරෙහි අවදානය යොමු කර තිබෙනවා.