මෙල්බර්න් රුධිර කැටි ගැසීම ඇස්ට්‍රා-සෙනෙකා එන්නතට සෘජුව සම්බන්ධ බවට තොරතුරු

මෙල්බර්න් රෝහලකින් වාර්තා වූ රුධිර කැටි ගැසීමේ සිදුවීම ඇස්ට්‍රා-සෙනෙකා එන්නතට සෘජුව සම්බන්ධ බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහාචාර්ය මයිකල් කිඩ් වාර්තාකරුවන් අමතමින් සඳහන් කලේ මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

පසුගිය 22 වනදා ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගත් 40 හැවිරිදි අයෙකු රුධිර කැටි ගැසීමේ සිදුවීමක් හේතුවෙන් ඊයේ මෙල්බර්න් නුවර රෝහලකට ඇතුළත් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් එන්නත නිපදවන ලද බ්‍රිතාන්‍ය පර්යේෂකයන් සමග කරුණු හුවමාරු කරගැනීමටයි ඔස්ටේ්‍රලියා බළධාරීන් සූදානමින් පසුවන්නේ.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙලට මෙමගින් කිසිදු බාධාවක් එල්ල නොවන බවද එන්නත්කරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අංශ පවසනවා.