Search

දිගු නිවාඩුවක් ගත කිරීමට සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පළමු පහට

සංචාරකයින්ට දිගු නිවාඩු සඳහා යෑමට සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව 4වන ස්ථානයට නම් කර තිබෙනවා.

Ubuy ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව සංචාරකයින්ට දින 20කට වැඩි කාලයක් සංචාරය සිදුකිරීමට සුදුසුම රටවල් අතර වියට්නාමය පළමු තැනට නම් කර තිබුණා.

රටවල් 100ක් පදනම් කරගනිමින් සංචාරකයින් මිලියනයක් යොදාගනිමින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට නම් කර ඇත්තේ ඉන්දියාවයි.

පිලිපීනය ප්‍රසාධ ලකුණු 55ක් හිමිකරගනිමින් දෙවන තැනට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ප්‍රසාධ ලකුණු 42ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරීමේ 4වන තැනට නම් කිරීම ද විශේෂත්වයක්.

රටේ සංස්කෘතිය, සංචාරය සදහා දැරිය හැකි මිල, ආරක්ෂාව සහ ගමනාගමන පහසුව යන නිර්නායක මත පදනම් ව මෙම අධ්‍යනය සිදුකර තිබුණා.

මෙම ශ්‍රේණිගත කිරීමේ තුර්කිය 10 වන ස්ථානයටත් මෙත්සිකෝව 9වන ස්ථානයටත් නම් කර තිබෙනවා.

 

Full Rankings:

1. Vietnam 🇻🇳 – 64.313

2. India 🇮🇳 – 61.167

3. Philippines 🇵🇭 – 55.744

4. Sri Lanka 🇱🇰 – 42.283

5. Thailand 🇹🇭 – 42.138

6. South Korea 🇰🇷 – 38.281

7. Japan 🇯🇵 – 34.851

8. Saudi Arabia 🇸🇦 – 34.241

9. Mexico 🇲🇽 – 28.205

10. Turkey 🇹🇷 – 27.117

(Source: Ubuy)