ඔස්ට්‍රේලියානුවන්ගේ මෙම වසරේ ඖෂධීය ගංජා සදහා වූ වියදම ඩොලර් බිලියනට ඉක්මවා තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යනයකට අනුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වසර දෙකක කාලයතුළ 4 ගුණයකින් ඉහළ ගොස් ඇති බව සදහන්.
නමුත් ඖෂධීය ගංජා භාවිතයට නීතිමය අවසරය ලබාදීමත් සමග වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කිරීමට හුරුව ඇති බව ද අධ්‍යයනයේ දී තහවුරු වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Pennington Institute (පෙනින්ටන් ඉන්ස්ටිටියුට්) හි ගංජා සම්බන්ධයෙන් සිදුකල වාර්තාවකට අනුව හෙළිකර ඇත්තේ ඖෂධීය ගංජා සදහා වන වියදම වසර දෙකකට පෙර ඩොලර් මිලියන 230 සිට මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 1 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
2019 වසරේ දී සිදුකළ අධ්‍යයනයක දී ඖෂධීය ගංජා භාවිත කරන අය සියයට 3.9ක් හදුනා ගැනීමට හැකිවූ අතර මෙම වසර වන විට එම අගය සියයට 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසරකට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් වැය කරන් බව සදහන්.
තවද වික්ටෝරියානුවන්ගෙන් වැඩි දෙනෙක් ඖෂධීය ගංජා භාවිතය වඩාත් සුදුසු තත්වයක් බව පවසමින් එම නීති වලය සහය පල කර ඇති බවයි වාර්තා වන්නේ.