ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් පවසනවා.
ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට ද කටයුතු කරන බව පැවසූ ඔහු අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කිරීමට හේතුවන බව පැවසුවා.
අද (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදී ඔහු ඒ බව පවසා තිබෙනවා.
එමෙන්ම එම යාන්ත්‍රණය රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වන බවද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර 75ක මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සමීප සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද මහකොමසාරිස්වරයා මෙහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජාතික ආරක්‍ෂාව, සමුද්‍රීය කටයුතු, ඩිජිටල්කරණය, රාජ්‍ය අංශය නවීකරණය, වෘත්තීය අධ්‍යාපනය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික සහාය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
Ada derana