Search

Black Friday වෙනුවෙන් Coles සහ Woolworths යළිත් භාණ්ඩ මිල අඩු කරයි

Coles සහ Woolworths සුපිරි වෙළදසැල් විසින් Black Friday සදහා නැවත වරක් ඔවුන්ගේ භාණ්ඩවල මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.

නත්තල් සමයේදී තම වෙළද සැල් වෙත ලැබෙන පාරිභෝගික ආරක්ෂණය වර්ධනය කර ගැනීම සදහා Coles සහ Woolworths සුපිරි වෙළද සැල් ජාල විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සදහන් වන්නේ.

Coles විසින් මුළුතැන්ගෙය සදහා අවශ්‍ය ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය උත්සව භාණ්ඩ 115 ක මිල අඩු කර තිබෙන අතර පසුගිය මාසයේ සිට මේ දක්වා ඔවුන් නිෂ්පාදන 550 කට වැඩි ප්‍රමාණයක මිල අඩු කර තිබෙන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මෙම මිල සංශෝධනය ඉදිරි මාස තුනක කාලය දක්වා පවතින අතර Coles හි ප්‍රධාන වාණිජ නිලධාරී ඇනා ක්‍රොෆ්ට් විසින් සදහන් කර තිබුණේ තම සමාගමට පාරිභෝගිකයන් වෙනුවෙන් යම් වටිනාකමක් ලබාදීමට අවශ්‍ය වී තිබෙන බවයි.

Woolworths වෙළද සැල් ජාලය ද පෙබරවාරි 25 දක්වා ඔවුන්ගේ නිෂ්පාදන 300 කට වැඩි ප්‍රමාණයක මිල අඩු කර තිබෙනවා.

Black Friday සදහා Woolworth විසින් තෑගි කාඩ්පත් (Gift Cards) සහ දෛනිකව අමතර ත්‍යාග ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන බව ද වාර්තා වනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »