ඉදිරි දිනවලදී සිදුවන කාලගුණික වෙනස්වීම් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින Hayfever සහ ඇදුම රෝගීන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු මැද කලාපයේ සහ බටහිර සහ දකුණු ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ ඇදුම රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් රෝගීන්ට Asthma Receivers ළග තබා ගන්නා ලෙස vicEmergency විසින් උපදෙස් ලබා දී තිබෙන බව ද සදහන්.
Heyfever සහ ඇදුම රෝගයෙන් පෙලෙන පුද්ගලයන් එම රෝග සදහා වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන ඖෂධ වර්ග ළග තබා ගත යුතු බවත් නිවසෙන් පිටතට යෑමේදී මුඛ ආවරණ පැළදිය යුතු බවත් Deakin AirWatch හි පර්යේෂක Kira Hughes විසින් සදහන් කර තිබෙනවා.
Kira Hughes සදහන් කළේ ලෝකයේ පවතින වෙනත් රටවල් සහ නගර වලට සාපේක්ෂව වික්ටෝරියා ප්‍රාන්තය ඇදුම රෝගය හේතුවෙන් සිදුවන පීඩාවන් අත්විද තිබෙන බවයි.
කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවල මෙම රෝග අවදානම අවම මට්ටමක පවතින බවයි සදහන් වන්නේ.
මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම ඇදුම රෝග ව්‍යාප්තිය 2016 වසරේදී සිදුවූ අතර ඉන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 10,000 ක් පමණ රෝගාතුර වූ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.