Search

Powerball තුන් වන විශාලතම දිනුම් ඇදීම අද රෑ

ඔස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම powerball ජයමල්ල අද (28)රාත්‍රියේ දිනුම් ඇදීමට නියමිතව තිබෙනවා.

එහි ත්‍යාග මුදල ඩොලර් මිලියන 100ක් වන අතර පසුගිය සතියේ දිනුම් ඇදීමේ දි ඩොලර් මිලියන 50ක ජය මල්ලේ ජයග්‍රාහකයෙක් නොමැතිවීම හේතුවෙන් මෙවර පවර් බෝල් ජය මල්ල ඩොලර් මිලියන 100 දක්වා ඉහළ ගියා.

ලොට් ප්‍රකාශිකා ඇනා හොබ්ඩෙල් පැවසුවේ බ්‍රිස්බන් හි උතුරේ Aspley හි මවක් අවසන් වරට ඩොලර් මිලියන 100 ජයග්‍රාහකයා බවට පත්වු බවයි.

අද යළිත් ඔස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම තනි පුද්ගල ලොතරැයි ජය ලබා ගැනීමට කිසියම් අයෙකුට අවස්ථාව උදා වනවා.

නත්තල් සමයත් සමග මෙවැනි මුදලක් ජයග්‍රහණය කළහොත් එය වඩාත් වාසි සහගත වනු ඇති අතර දිනුම් ඇදීම වන තෙක් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ ඩොලර් මිලියන 150ක ඩිවිශන් වන් දිනුමක් කිසියම් අයෙකු ලැබුව ද එය තනි පුද්ගලයෙක් ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙසයි වාර්තා වන්නේ.

ජයග්‍රාහී ඩොලර් මිලියන 100 ජය මල්ල අද මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7.30ට දිනුම් ඇදීමට නියමිතයි.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »