ඔස්ට්‍රේලියානු කලාපය තුළ ප්‍රසිද්ධම ගොල්ෆ් තරගාවලිය ලෙස සැලකෙන Australian Open ගොල්ෆ් තරගාවලිය අද (28) දින ආරම්භ වනවා.
දෙසැමබර් 1 වනදා දක්වා වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන තරගාවලියේ සම සත්කාරකත්වය දරනු ලබන්නේ Kigston Heath සහ වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩා සමාජ වීම ද විශේෂත්වයක්.
දිගු ඉතිහාසයකට උරුමකම් කියන Australian Open ගොල්ෆ් තරගාවලියේ ශූරතාවය Jack Nicklaus, Adam Scott, Rory McIlory, Karrie Webb, Laura Davies සහ Nelly Korda වැනි ප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගෙන තිබීම ද කැපී පෙනෙනවා.
ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය මත මෙවර තරගාවලිය නව ආකෘතියක් යටතේ පැවැත්වෙන අතර ඒ සදහා ලොව පුරා ජනප්‍රිය ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වන බවයි සදහන් වන්නේ.
පසුගිය වසරේදී ලොව පුරා සිටින ගොල්ෆ් ක්‍රීඩා ලෝලීන් මිලියන 520 කට අධික පිරිසක් රූපවාහිනිය හරහා Australian Open තරගාවලිය සජීවීව නරඹා තිබෙන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.
2024 Australian Open ගොල්ෆ් තරගාවලිය පිළිබදව වැඩි විස්තර golf.org.au හෝ ausopen වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව තිබෙන බව ද සදහන්.