Search

2024 දී ඔස්ට්‍රේලියාවේ වැඩිම වර්ධනයක් අත්කර ගත් සමාගම් 10 මෙන්න

Australian Financial Review විසින් ඔස්ට්‍රේලියාව තුළ වේගවත් වර්ධනයක් අත් කර ගත් සමාගම් 10 නම් කර තිබෙනවා.

2024 වසරේදී එක් එක් සමාගම් විසින් අත්කරගත් වාර්ෂික වර්ධනය මත පදනම්ව ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ වේගවත් වර්ධනයක් අත් කර ගත් සමාගම් අතර පළමු ස්ථානය හිමි වී ඇත්තේ Medevac.flights සමාගමට වන අතර එහි දෙවන ස්ථානය Intrepid Travel සමාගම විසින් හිමි කර ගෙන තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේදී Pay.com.au සමාගමට තුන්වන ස්ථානය හිමිව තිබෙන පසුබිමක Packapill (Hola Health) සමාගම මෙහි සිව් වන ස්ථානය හිමි කර ගෙන තිබීමද කැපී පෙනෙනවා.

HTS Constructions සහ MCoBeauty යන සමාගම් පිළිවෙලින් මෙම ලැයිස්තුවේ පස්වන සහ හය වන ස්ථාන දිනාගෙන තිබෙන අතර Nexl සමාගම සහ Hamper සමාගම පිළිවෙලින් හත්වන ස්ථානය සහ අට වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

ශ්‍රේණිගත කිරීමේදී නව වන ස්ථානය Novigi සමාගම විසින් හිමිකර ගනිද්දි මෙම ලැයිස්තුවේ දස වන ස්ථානයට හිමිකම් කීමට IND Technology සමාගම විසින් සමත් ව ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »