Search

මෙල්බන් කාළගුණයේ අරුම පුදුම වෙනසක්

මෙල්බන් නගරයට බලපා තිබෙන ආර්ද්‍රතා (Humidity) කාළගුණික තත්වය අවම වශයෙන් ලබන සෙනසුරාදා සවස් කාලය දක්වා පවතින බවට කාළගුණ විද්‍යා කාර්යංශය විසින් සදහන් කර තිබෙනවා.

මෙම කාලගුණික තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවල දැඩි පින්නක් සහිත කාළගුණික තත්වයක් නිර්මාණය තිබෙන බවයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් අද (27) මෙල්බන් නගරය වෙත මිලිමීටර් 24 ක පමණ වර්ෂාපතනයක් ඇදහැලී තිබෙන පසුබිමක අද දිනයේ මෙල්බන් හි කාළගුණ තත්වය පිළිබදව නිශ්චිත අනාවැකි පල කළ නොහැකි බව ද වාර්තා වනවා.

මෙවන් පසුබිමක ශාන්ත කිල්ඩා වෙත අද දිනයේදී මිලිමීටර් 2.8 ක වර්ෂාපතනයක් ඇදහැලී තිබීම ද විශේෂත්වයක්.

කාලගුණ විද්‍යා කාර්යංශය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ දින ගණනක් පුරා අඛණ්ඩව පවතින මෙම ඉහල ආර්ද්‍රතා තත්වය ඉතා දුර්ලභ සිදුවීමක් බවයි.

මෙම තත්වය ඉරිදා දිනය වන විට පහව යනු ඇති බවට කාළගුණ විද්‍යා කාර්යංශය විසින් අපේක්ෂා කරන බව ද සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »