Search

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ගුවන් ගමන් රැසකට බාධා

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 06ක් ආපසු හරවා යවා තිබෙනවා .

ඉන් ගුවන් ගමන් තුනක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත යවා ඇති අතර ඉතිරි ගුවන් ගමන් තුන ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් (තිරුවනන්තපුරම්) ගුවන් තොටුපළ වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ .

යාවත්කාලීන කරන ලද ගුවන් ගමන් කාලසටහන් සඳහා ගුවන් සමාගම් සමඟ පරීක්ෂා කරන ලෙස බලධාරීන් මගීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා .

ජපානයේ නරීටා , ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත පිටත් කර හැරි බව කටුනායක ගුවන් තොටුපොළේ කාර්යභාර කළමණාකරු පැවසුවේ.

 

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »