Search

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන සංක්‍රමණිකයින්ට නව නීතියක් ගැන දැනුම් දීමක්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් ඔස්ට්‍රේලියාවේ රැකියා ස්ථානවල සේවය කරන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පවතින නීති පිළිබදව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සේවා යෝජකයන් විසින් සංක්‍රමණිකයන්ගේ වීසා තත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන් ව සූරා කෑම නීති විරෝධී බවයි එහි සදහන් වී ඇත්තේ.

මෙම නව නීති කඩ කරන සේවා ස්ථානවල ප්‍රධානීන් ඇතුළු සියලුම දෙනාට සිර දඩුවම් හෝ දඩ නියම කරන බව ද සදහන් වනවා.

හිතාමතා මෙම නීති උල්ලංඝනය කරන සේවා යෝජකයන්ට වසර කිහිපයක් යන තෙක් සංක්‍රමණික සේවකයන් බඳවා ගැනීම තහනම් කිරීමට ද මෙම නීති හරහා හැකියාව ලැබෙන බව ද සදහන්.

නව නිති සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔස්ට්‍රේයානු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීම තුළින් අධ්‍යයනය කිරීමට අවකාශය හිමි ව තිබෙනවා.

මේ හරහා ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණිකයන්ගේ රැකියාවල අයිතිවාසිකම් ආරක්ෂා වන වීම කැපී පෙනෙනවා.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »